නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (සරුසාර)

Company Contact
අරමුණ ස්වයංපෝෂිත ගෘහස්ථ, කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ගෙවතු වගාව ඇතුලු කෙටි කාලීන භෝග වගාවන් හි නිරත ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
අරමුදල් සැපයීම පොලී සහනාධාරය සහ ණය ඇප ආවරණ - ශ්‍රී ලංකා රජය
ණය මුල්‍යනය - සහභාගිත්ව මූල්‍ය ආයතන
ක්‍රියාත්මක වන ප්‍රදේශ දිවයින පුරා
සහභාගිත්ව මූල්‍ය ආයතන ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, යූනියන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, කාගිල්ස් බැංකුව
උපරිම ණය සීමාව සහ කාලය රුපියල් මිලියන 3 (භෝගයෙන් භෝගයට වෙනස් වේ)
දින 270 - 365
පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 8
ණය ඇප ආවරණය හිතාමතා ණය පැහැර හරින්නන් සඳහා අලාභව පවතින මුල් මුදලෙන් සියයට 60ක්.
සුදුසුකම්ලත් භෝග වර්ග වී, මිරිස්, ලූනු, මාෂබෝග (කව්පි, මුංඇට, උඳු, සෝයා බෝංචි, කුරක්කන්, බඩ ඉරිඟු), බීජ තෙල් (රටකජු, තල, සූරියකාන්ත), මූලමය බෝග හා ආකන්ද (අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල) එළවළු (වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාළු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොළු, කරවිල, පතෝල, වට්ටක්කා), වෙනත් (ඉඟුරු, උක්, කහ)
ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.