kili

තිස් වසරක් පුරා පැවති වාර්ගික ගැටුම්වලින් පසු උතුරු පළාතේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේ අරමුණින් යාපනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් 2010 වර්ෂයේදී පිහිටුවන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීමේ පුළුල් අරමුණට අනුකූල වෙමින් යාපනය ප්‍රාදේශීය කාර්යාලය ද යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතුවල නිරත වූ අතර ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙන ලදී. තවද 2013 වර්ෂයේ මැයි මාසයේදී කිලිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කිලිනොච්චියේ අරිවියල්නගර් හි තවත් ප්‍රාදේශීය කාර්යාලක් විවෘත කරන ලදී.

යාපනය ප්‍රාදේශීය කාර්යාලයෙහි පවතින සම්පත් සහ පහසුකම් භාවිතයෙන් තවදුරටත් ප්‍රදේශයේ ජනතාවට ඵලදායී සේවාවන් සැපයීම සඳහා 2017 ජුනි මාසයේදී යාපනය ප්‍රාදේශීය කාර්යාලය, කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය සමඟ ඒකාබද්ධ කරන ලදී. ඒකාබද්ධ කිරීමත් සමඟ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 ම කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලයෙහි අධීක්ෂණය යටතට පැවරුණි. කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය ද සිය කෙටි කාලීන ගමන් මඟ තුළ, අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල හා සමගාමීව දැනුම්වත් කිරීම්, නිපුණතා සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ඇතුළු විවිධ සංවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ප්‍රාදේශීය මට්ටමින් මහ බැංකු කාර්යයන් ප්‍රදේශීයව ව්‍යාප්ත කිරීම සඳහා ද සිය දායකත්වය දක්වන ලදී.



ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.