සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය (සෞභාග්‍යය)

* ණය යෝජනා ක්‍රමය ඉක්මනින් අවසන් කිරීමට නියමිත බැවින් නව ණය පිළිගනු නොලැබේ.
Company Contact
අරමුණ කිසියම් ක්ෂුද්‍ර, සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට හෝ ආපදාවකින් බලපෑමට ලක් වූ ඕනෑම ක්ෂුද්‍ර, සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත ආරම්භ කිරීම සඳහා.
අරමුදල් සැපයීම ශ්‍රී ලංකා මහ බැංකුව
ක්‍රියාත්මක වන වපසරිය දිවයින පුරා
සහභාගිත්ව මූල්‍ය ආයතන ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, කාගිල්ස් බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
උපරිම ණය මුදල සහ කාලය රුපියල් මිලියන 25 මාස හයක සහන කාලයක් ද ඇතුළුව අවුරුදු 5කි.
පොලී අනුපාතිකය සියයට 9
ණය පහසුකම් සඳහා සුදුසුකම් නොලබන ව්‍යාපාර වාහන, ඉඩම්, ගොඩනැගිලි මිලදී ගැනීම සඳහා, ඉන්ධන සපයන සේවා ස්ථාන සඳහා, භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම සඳහා
ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.