ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවන ප්‍රදේශීය කාර්යාලය 1982 මාර්තු 20 දින අනුරාධපුරයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය, ඒ සඳහා වෙන් කරන ලද ආරම්භක ප්‍රදේශය විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමේ මූලික අරමුණට අනුකූල වෙමින්, අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය මඟින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, සමීක්ෂණ සහ ක්ෂේත්‍ර චාරිකා සහ සාකච්ඡා පැවැත්වීම මඟින් සහ විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාවට නංවමින් බිම් මට්ටමේ ග්‍රාමීය ජනතාව සහ බැංකු පද්ධතිය අතර පරතරය අවම කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන ලදී.
කාලයත් සමඟ අනුරාධපුරය ප්‍රාදේශීය කාර්යලය, සිය වපසරිය අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04 හිම ව්‍යාප්ත කරමින් උතුරු මැද පළාත සහ වයඹ පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.
සිය වපසරිය පුළුල් කරමින් ප්‍රදේශ අතර සමතුලිත ආර්ථීක සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අදාළ කලාපවල නිෂ්පාදන අංශ සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම කෙරෙහි ද සිය සේවාවන් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් සුවිශේෂි වූ විවිධ ව්‍යාපෘති, දැනුම්වත් කිරීමේ සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් පවත්වන ලද අතර විවිධ ණය යෝජනා ක්‍රම ද හඳුන්වා දෙන ලදී.
අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය ව්‍යාප්ති සේවාවක් ලෙස නිශ්කාෂණාගාර කටයුතුවල පමණක් නිරත වූවද, 1990 සිට ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු ද ආරම්භ කරන ලදී. පසුව අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධ සේවාවන්, සමරු කාසි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන අලෙවි කිරීම වැනි තවත් සේවාවන් සිදුකරන ලද අතර 2008.09.05 දී මුදල් කෞතුකාගාරයක් ද පිහිටුවන ලදී.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Programme on Financial Literacy | 07.05.2024 | RO - Anuradhapura | Padaviya | Anuradhapura | General Public & MSMEs | |
02 | Programme on Financial Literacy | 10.05.2024 | RO - Anuradhapura | Mundel | Puttalam | General Public & MSMEs | |
03 | Programme on Financial Literacy | 13.05.2024 | RO - Anuradhapura | Ambanpola | Kurunegala | General Public & MSMEs | |
04 | Awareness programme on unauthorized financial activities including pyramid schemes | 15.05.2024 | RO - Anuradhapura | Kotawehera | Kurunegala | General Public & MSMEs | |
05 | Programme on Financial Literacy | 17.05.2024 | Commercial Bank, Wennappuwa Branch | Wennappuwa | Puttalam | General Public & MSMEs | |
06 | Programme on Financial Literacy | 27.05.2024 | RO - Anuradhapura | Lankapura | Polonnaruwa | General Public & MSMEs |