nuwaraeliya

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සංවර්ධනය සහ අදාළ දිස්ත්‍රික්කවල ණය බෙදා හැරීමේ යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2016 ජනවාරි මාසයේදී නුවරඑළියේ නව ප්‍රාදේශීය කාර්යාලයක් පිහිටුවන ලදී. මෙම දිස්ත්‍රික්කයන් හි වතු ආශ්‍රිතව සේවය කරන සේවකයින්ට අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු සඳහා වඩාත් පහසු සහ කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාදේශීය කාර්යාලය නුවරඑළියේ ස්ථාපනය කරන ලදී.

තවද, ආරම්භයේ සිටම, නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය උදෙසා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෙළඳ ප්‍රදර්ශන, තාක්ෂණ හුවමාරු වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරමින් සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබන අතර ඒ තුළින්, තිරසාර හා තුලිත කලාපීය සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබාදෙන ලදී. එහිදී කලාපයේ තවදුරටත් දියුණු කළ හැකි ආර්ථික අංශ සංවර්ධනය කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.

මහ බැංකු සේවාවන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී, නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මඟින් සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් සැපයීම මහ බැංකුවේ ප්‍රකාශන සහ සමරු කාසි අලෙවි කිරීම, ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කරන ලද සමීක්ෂණ පැවැත්වීම සිදු කරනු ලබයි.



ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.