ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ආසියානු ණය පරිපූරක ආයතන සම්මේලනය (ACSIC), මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ සන්ධානය (AFI) සහ ආසියානු පැසිෆික් ග්‍රාමීය සහ කෘෂි කාර්මික ණය සංගමය (APRACA) යන ජාත්‍යන්තර සංවිධානයන්හි ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකත්වය සම්බධයෙන් කටයුතු කරන කේන්ද්‍රීය දෙපාර්තමේන්තුව වේ.
ආසියානු ණය පරිපූරක ආයතන සම්මේලනය
ආසියානු කලාපයේ කුඩා ව්‍යාපාර සඳහා වන ණය පරිපූරණ පද්ධතිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන විශාලතම ආසියානු ආයතනය ලෙස “ආසියානු ණය පරිපූරක ආයතන සම්මේලනය” (ACSIC) 1987 දී පිහිටුවන ලදි. දැනට මෙය රටවල් 12ක් ආවරණය කරන අතර සාමාජීක ආයතන 17කින් සමන්විත වේ. ACSIC සාමාජිකයෙකු ලෙස ණය පරිපූරකකරණය පිළිබඳව පැවැත්වෙන වාර්ෂික සම්මන්ත්‍රණයට සහ වාර්ෂික පුහුණු වැඩසටහනට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා මහ බැංකුවට හිමි වේ. ACSIC වාර්ෂික සමුළුව සහ පුහුණුව මඟින් එහි සාමාජිකයින් අතර ණය ආවරණ පද්ධති සහ නව සංවර්ධනයන් පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට වේදිකාවක් සපයනු ලබයි
මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ සන්ධානය
කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් මූල්‍ය අන්තර්ගතභාවය දියුණු කිරීමේ පොදු අරමුණ ඇතිව සාමාජික මහ බැංකු සහ මූල්‍ය නියාමන ආයතන විසින් මෙහෙයවන ගෝලීය එකතුවක් ලෙස මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ සන්ධානය (AFI) හඳුන්වා දිය හැකිය. මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා වන ප්‍රබල හා ප්‍රයෝගික ප්‍රතිපත්තිමය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා කියාත්මක වන මෙම සන්ධානය, නැඟි එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 90කට ආසන්න ප්‍රමාණයක නියාමකයින්, ජාත්‍යන්තර සංවිධාන සහ පුද්ගලික අංශයේ ප්‍රධානීන් ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය ඇතිකර ලීමේ ප්රයත්නයේදී ලබා ගත හැකි ප්රතිලාභ සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2010 වර්ෂයේ ජුනි මාසයේදී AFI සන්ධානයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව AFI විසින් සංවිධානය කරන ලද ක්‍රියාකාරකම් වල නිරත වෙමින් ක්‍රියාකාරි කණ්ඩායම් වල කටයුතු සඳහා සහභාගි වන අතර AFI හි ගෝලීය හඬ වේදිකාවට “මායා කැපවීම් ප්රකාශනය” හරහා දායකත්වය ලබාදෙනු ලබයි.
ආසියානු පැසිෆික් ග්‍රාමීය සහ කෘෂි කාර්මික ණය සංගමය
දැනුම හුවමාරු කර ගැනීමේ සහ ඉගෙනීමේ, ධාරිතා ගොඩනැංවීමේ, පර්යේෂණ සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ ජාලය හරහා ග්‍රාමීය මූල්‍යකරණයේ කාර්යක්ෂමතාව, සඵලතාවය වැඩි දියුණු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම තුළින් ආසියා පැසිෆික් කලාපයේ ග්‍රාමීය දුප්පතුන්ගේ ඵලදායිතාවය, සියළුදෙනාම ඇතුලත් වූ වර්ධනය, ස්වයං විශ්වාසය, සුභසාධන ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ග්‍රාමීය හා කෘෂිකාර්මික ණය සඳහා විශාලතම ආසියානු ආයතනය ලෙස ආසියානු පැසිෆික් ග්‍රාමීය හා කෘෂිකාර්මික ණය සංගමය 1977 දි පිහිටුවන ලදී.
ආසියානු රටවල් 24ක සාමාජික ආයතන 84කින් සමන්විත APRACA මහා සභා රැස්වීම්, විධායක කමිටු රැස්වීම් සහ පුහුණු වැඩසටහන් ඇතුළුව APRACA විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රාශියකට ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගි වේ.