මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි ක්‍රියාකාරි සැලස්ම, ඉහත සඳහන් කල පරිදි, මූලික කුළුණු (Pillars) 4ක් සහ එම කුළුණු සියල්ලටම අදාල වන සක්‍රියක (Cross-cutting Enablers) 03ක් පුරා විහිදෙන පුළුල් කාර්යයන් 80කින් සමන්විත වන අතර එම කාර්යයන් අරමුණු 26ක් යටතේ පහත පරිදි ක්‍රියාත්මක වේ.

ක්‍රියාත්මක කිරීමේ අදියරඅරමුණු සංඛ්‍යාවකාර්යයන් සංඛ්‍යාව
ඩිජිටල් මූල්‍ය සහ ගෙවීම් 08 20
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය 02 09
පාරිභෝගික ආරක්ෂණය 04 15
මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම 05 19
සක්‍රියක 07 17
එකතුව 26 80
අරමුණු - මූලික කුළුණු

ඩිජිටල් මූල්‍ය සහ ගෙවීම්

  • රටේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියේ ආයතනික කළමනාකරණය
  • ශ්‍රි ලංකා රජයේ යෝජනා ක්‍රම සහ සේවාවන් ඩිජිටල්කරණය කිරීම
  • ප්‍රමිතිකරණය සහතික කිරීම සඳහා ගණුදෙනුකරු හඳුනා ගැනීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලිය විධිමත් කිරීම
  • ඩිජිටල් ආර්ථිකයක් සඳහා සක්‍රීය නියාමන පරිසරයක් ගොඩනැංවීම
  • මූල්‍ය අන්තර්ගතභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මූල්‍ය තාක්ෂණයේ සංවර්ධනයට සහාය වීම
  • ජංගම හා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතය පුළුල් කිරීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීම
  • ඩිජිටල් ගෙවීම් ක්‍රම සැපයුම පුළුල් කිරීම
  • ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය දිරිමත් කිරීම

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය

  • හරිත හා තිරසාර මූල්‍යකරණය මෙන්ම, කාන්තාවන්, අඩු ආදායම් ලාභීන් සහ අඩු අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ඉහළ ගුණාත්මක බවින් යුතු මුල්‍ය උපකාරක පරාසය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSMEs) ණය ලබා දීම සඳහා විධිමත් මූල්‍ය අංශයේ ධාරිතාව ගොඩ නැංවීම.
  • රාජ්‍ය අනුග්‍රහය සහිත ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය වැඩසටහන් සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහය දක්වන වැඩසටහන් (MSME Support Programmes) වැඩි දියුණු කිරීම හා සම්බන්ධීකරණය කිරීම.

පාරිභෝගික ආරක්ෂණය

  • මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ නියාමනය සහ අධීක්ෂණය සඳහා වන නීතිමය ප්‍රතිපාදනයන්හි ඇති ගැටළු නිරාකරණය සඳහා කටයුතු කිරීම.
  • සියලු මුල්‍ය සේවා සපයන්නන්, මුල්‍ය නිෂ්පාදන හා සේවා හරහා මුල්‍ය පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් නීතිමය රාමුවක ඇති අවශ්‍යතාවය සහතික කිරීම.
  • මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ අධීක්ෂණය තවදුරටත් පුළුල් කිරීම.
  • සියලුම මුල්‍ය පාරිභෝගිකයින්ගේ ආරවුල් විසඳීම සඳහා ප්‍රවේශ විය හැකි, දැරිය හැකි, ස්වාධීන, මනා සම්පත් වලින් යුතු සාධාරණ, වගවීම් සහිත කාලෝචිත හා කාර්යක්ෂම මාර්ග ලබා දීම සහතික කිරීම තුළින් පවතින බාහිර ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම.

මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම

  • ශ්‍රී ලාංකිකයන්ගේ මුල්‍ය සාක්ෂරතාවයේ මට්ටම තක්සේරු කිරීම සහ මුල්‍ය සාක්ෂරතාවයේ මූලික පරතරයන් හඳුනා ගැනීම.
  • මුල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීමට ගනු ලබන ප්‍රයත්නයන් අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම.
  • පාරිභෝගිකයන් අතර විශේෂයෙන්ම කාන්තාවන්, තරුණයින්, අඩු ආදායම් ලාභීන් සහ අඩු අධ්‍යාපන පසුබිමක් ඇති පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර මුල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීම.
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි (MSMEs ) ධාරිතාවය වැඩි දියුණු කිරීම.
  • මුල්‍ය සාක්ෂරතාවය සඳහා සේවා සැපයුම් මාර්ගයන් හි (Delivery Channels) ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.

අරමුණු - සක්‍රියක

දත්ත

  • මුල්‍ය අන්තර්ග්‍රහණයට අදාළ දත්ත එක්රැස් කිරීම සදහා සුසංයෝගී සහ ඒකාබද්ධ යාන්ත්‍රණයක් (Harmonized and Consolidated Approach) ඇති කිරීම

යටිතල පහසුකම්

  • ණය තොරතුරු පද්ධතිය වැඩි දියුණු කිරීම.
  • චංචල දේපල සඳහා වැඩි අවධානයක් සහිතව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ගනුදෙනු වපසරිය (Secured Transaction Framework ) වැඩි දියුණු කිරීම.
  • සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (අන්තර්ජාල ආවරණය, ස්මාර්ට් දුරකථන භාවිතය ආදී.)
  • මුල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමර්ගයෙහි පාලන ව්‍යුහය ක්‍රියාත්මක කිරීම.

ප්‍රතිපත්ති මෙවලම් සහ නියාමන පරිසරය බලගැන්වීම

  • දත්ත වල රහස්‍යභාවය සහ ආරක්ෂාව සඳහා නීතිමය රාමුවක් පිළියෙල කිරීම.
  • අඩු සේවා පහසුකම් සහිත ප්‍රදේශ වල සේවා පුළුල් කිරීම සඳහා සැපයුම්කරුවන් තවදුරත් දිරිමත් කිරීම.
ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.