matale

1985 වර්ෂය තුළදී, ප්‍රාදේශීය සංවර්ධනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 03 වන ප්‍රාදේශීය කාර්යාලය 1985.12.23 දින මාතලේ දී විවෘත කළ අතර මාතලේ, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් අධීක්ෂණය විය. වාණිජ බැංකු ග්‍රාමීය ප්‍රාදේශ වල තම ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සහ අදාල බැංකු විසින් ණය ලබාදීමේ යාන්ත්‍රණයට අදාල ගැටලු නිරාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් මාතලේ ප්‍රාදේශීය කාර්යාලය සිය ආරම්භක වසර තුළ දී ම ස්වයං රැකියා සහ ගම් නඟා සිටුවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. විශේෂයෙන් ම මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් නව සපිරි ග්‍රාමීය ණය යොජනා ක්‍රමය පිළිබඳව හඳුන්වා දීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් ආරම්භයේ සිටම ග්‍රාමීය සහ ප්‍රතිමූල්‍ය ණය මෙහෙයුම් ස්ථාපිත කිරීමට අදාල විවිධ ක්‍රියාකාරකම් වල සක්‍රීයව නිරත වූ අතර, ජනතාව දැනුම්වත් කිරීම්, පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩසටහන්, තාක්ෂණ හුවමාරු සහ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම මඟින් ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. මාතලේ ප්‍රාදේශීය කාර්යාලය, බැංකු නිශ්කාෂණ කාර්යයන් ස්වයංක්‍රීය වන තෙක්ම මාතලේ සහ මහනුවර යන ප්‍රදේශයන් හි නිශ්කාෂණ මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. තවද, මහ බැංකු කාර්යයන් යටතේ ආරම්භයේදී භාණ්ඩාගාර බිල්පත් විකිණීම, ප්‍රාදේශීය මට්ටමේ සමීක්ෂණ පැවැත්වීම, මුදල් හුවමාරු පහසුකම් සම්බන්ධ දත්ත රැස් කිරීම සහ ප්‍රාදේශීය බැංකු ශාඛා අධීක්ෂණ කටයුතු සිදුකිරීම ආදිය සිදු කරන ලදී. පසුව සංවර්ධන කටයුතු වලට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී.



ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.