පිහිටුවීම සහ අරමුණ‍

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන යටතේ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය ණය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් රටේ ප්‍රාදේශීය විෂමතාව අවම කිරීම සඳහා සහය ලබාදීමේ අරමුණ ඇතිව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව 2002 වර්ෂයේ ස්ථාපිත කරන ලදි.

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගික සැළසුමට අනුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මේ ක්‍රියාවලිය සඳහා අදාළ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් අවශ්‍ය ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ චර්යාත්මක මැදිහත්වීම් (Behavioral Interventions) හඳුන්වාදීමට මෙන්ම රටපුරා මූල්‍ය ප්‍රවේශය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරතවෙමින් තුලිත වර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහය වේ.

කලානුරුපීව මෙන්ම අවස්ථානුකූලව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ද කලින් කලට වෙනස්වීම් වලට ලක් වන අතර, 2020 වර්ෂයේදී, හඳුන්වාදුන් ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ සැළසුමෙහි අරමුණු වලට අනුකූලව ප්‍රාදේශීය කාර්යාල වල ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, ඒවායේ කටයුතු අධීක්ෂණය මෙන්ම සම්බන්ධීකරණය කිරීමේ වගකීම ද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී.

මෙම ප්‍රාදේශීය කාර්යාල මඟින් ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය සංවර්ධනයට අදාල ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙන අතර, අදාල ප්‍රදේශවල මහ බැංකුවේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම ද සිදුකරනු ලබයි. ඒ් අනුව, මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ නුවරඑළිය යන ප්‍රදේශ වල පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාල හයක් හරහා ඉහත කටයුතු ක්‍රියාත්මක වේ.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යයන්

පසුගිය වසර කිහිපය තුළදී, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යයන් හි සැලකිය යුතු අයුරින් උපායමාර්ගික වෙනස්කම් රාශියක් සිදු වූ අතර, එහිදී කාලීන අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි, සියලුදෙනාටම ප්‍රතිලාභ අත්වන ස්ථාවර මූල්‍ය පද්ධතියක් සහ තුලිත, සාධාරණ, ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනිමට සහය වීම කෙරෙහි සුවිශේෂි ලෙස අවධානය යොමු කරන ලදී.

මීට අමතරව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම රජයේ නියෝජිතයෙකු ලෙස නියෝජිත කාර්යභාරයක් ද සිදු කරනු ලබයි. ඒ් යටතේ ශ්‍රී ලාංකීක ප්‍රජාවට තම අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට, දැරිය හැකි පොලී අනුපාත යටතේ, සහන ණය යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයද සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රතිමූල්‍ය පහසුකම් සහිත ණය යෝජනා ක්‍රම මෙන්ම පොලී සහනාධාර මත ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ද මේ යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම, ණය ඇප ආවරණ යෝජනා ක්‍රම තුලින් පහසුකම් සැපයීම ද රජයේ නියෝජිත කාර්යයක් ලෙස ක්‍රියත්මක කරනු ලබයි. මේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ ඇති කරගන්නා එකඟතාවයන් මත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මෙහෙයුම් උපදෙස් වලට අදාලව එම ආයතන හරහාම සහ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එම කාර්යයන් පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැකිය.

ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.