trin

දශක ගණනාවක් පුරා පැවති ගැටුම් නිමා වීමෙන් පසු මුදාගත් උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථීක සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හතර වන ප්‍රාදේශීය කාර්යාලය 2010 වර්ෂයේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලදී. ආරම්භයේ සිටම ත්‍රිකුණාමල ප්‍රාදේශීය කාර්යාලය ණය බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, දැනුම්වත් කිරීම සහ බිම් මට්ටමේ ග්‍රාමීය පුද්ගලයින්ට දශක ගණනාවකට පසු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙමින් තුලින් කලාපය තුළ තුලිත ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිෂ්පාදන අංශ වලට අවශ්‍ය සහය ලබාදීමේ කාර්යයන් හි ක්‍රියාකාරීව නිරත විය. තවද, ප්‍රාදේශීය කාර්යාලය විසින් එම පළාත තුළ ඇති අදාල රාජ්‍ය ආයතන සමඟ එක්ව ප්‍රාදේශීය වශයෙන් විශේෂිත වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී. ආරම්භයේ සිටම මුළු නැගෙනහිර පළාතම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය යටතේ පැවති අතර ඒ අනුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලෙයෙහි අධීක්ෂණය යටතේ පැවතුණි.

ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාකාරකම් වලට අමතරව සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධ කටයුතු සිදු කිරීම, සමීක්ෂණ පැවැත්වීම, මහ බැංකු ප්‍රකාශන සහ සමරු කාසි අලෙවි කිරීම සහ අනෙකුත් කාර්යයන් සඳහා සහය වීම හරහා මහ බැංකු කාර්යයන් ප්‍රාදේශීයව ව්‍යාප්ත කරමින් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය, සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.



ඉදිරියට එන සිදුවීම්
 
මීළග ප්‍රාදේශීය සමුළුව 2024 ජූනි මස 24 දින මඩකලපුවේදී.

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූලය අංශයේ ප්‍රමුඛතම ආයතනයයි. එය 1949 අංක 58 දරණ මුදල් නීති පනත (MLA) යටතේ 1950 දී අර්ධ ස්වයං පාලන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද අතර, එය පාලනය කරනු ලබන්නේ මුදල් මණ්ඩලය විසිනි.
  •  
  •  
  •  

අපව අමතන්න

 
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
P O Box 590
කොළඹ 01
ශ්‍රී ලංකාව.