- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 765
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව සදහා උචිත නව සංවර්ධන මූල්‍ය ක්රමෝපායන් හා අදාළ වන ප්‍රතිපත්තිමය උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්රතිලාභ අත්වන ස්ථාවර මූල්‍ය පද්ධතියක් ගොඩනැංවීමට මෙන්ම තුලිත, සාධාරණ සහ තිරසර ආර්ථීක වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සහය වීම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වේ.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය කාර්යාල හයක් ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ප්රමුඛ කාර්යභාර්යක් ඉටු කරනු ලබයි.