- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 842
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රජයේ නියෝජිතයෙකු ලෙස ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින්, දැරිය හැකි පොලී අනුපාතයන් යටතේ විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ණය යෝජනා ක්‍රම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය හා දායක නියෝජිත ආයතන මඟින් අරමුදල් සපයනු ලබයි.
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ණය යෝජනා ක්‍රම ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් ක්‍රියාත්මක කරනු ලබයි.
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1231
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සංවර්ධනය සහ අදාළ දිස්ත්‍රික්කවල ණය බෙදා හැරීමේ යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2016 ජනවාරි මාසයේදී නුවරඑළියේ නව ප්‍රාදේශීය කාර්යාලයක් පිහිටුවන ලදී. මෙම දිස්ත්‍රික්කයන් හි වතු ආශ්‍රිතව සේවය කරන සේවකයින්ට අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු සඳහා වඩාත් පහසු සහ කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාදේශීය කාර්යාලය නුවරඑළියේ ස්ථාපනය කරන ලදී.
තවද, ආරම්භයේ සිටම, නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය උදෙසා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෙළඳ ප්‍රදර්ශන, තාක්ෂණ හුවමාරු වැඩමුළු සහ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරමින් සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ලබන අතර ඒ තුළින්, තිරසාර හා තුලිත කලාපීය සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබාදෙන ලදී. එහිදී කලාපයේ තවදුරටත් දියුණු කළ හැකි ආර්ථික අංශ සංවර්ධනය කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.
මහ බැංකු සේවාවන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී, නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මඟින් සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් සැපයීම මහ බැංකුවේ ප්‍රකාශන සහ සමරු කාසි අලෙවි කිරීම, ප්‍රාදේශීය මට්ටමින් සංවිධානය කරන ලද සමීක්ෂණ පැවැත්වීම සිදු කරනු ලබයි.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | ||||||
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target audience |
1 | Awareness programme on Financial Literacy | 08.05.2024 | RO-N'Eliya, Divisional Secretary, Rideemaliyadda | Rideemaliyadda | Badulla | General public and government officials |
2 | Training programme for credit management | 17.05.2024 | RO-N'Eliya | Badulla | Badulla | Bankers (Bank credit officers) |
3 | Awareness programme on Financial Literacy | 22.05.2024 | RO-N'Eliya, Divisional Secretary, Rideemaliyadda | Rideemaliyadda | Badulla | General public and government officials |
4 | Awareness programme on Financial Literacy | 30.05.2024 | RO-N'Eliya, Divisional Secretary, Medagama | Medagama | Monaragala | General public and government officials |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1041
එක් එක් ප්‍රදේශයන් හි නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය 1981 මාර්තු 29 දින මාතර දී විවෘත කරන ලදී. මුල අවදියේදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය කාර්යාල ස්ථාපනය කිරීම තුලින් බිම් මට්ටමේ සිටින ග්‍රාමීය ජනතාවගේ බැංකු අවශ්‍යතා සපුරාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු ග්‍රාමීය ප්‍රදේශ තුළ ට පිවිසීම දිරිමත් කරන ලදී. ප්‍රාදේශීය කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමත් සමඟම තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ස්වයං රැකියා හා ගම් නගා සිටුවීමේ යෝජනා ක්‍රමය තවත් එක් ප්‍රධානම ව්‍යාපෘතියක් වේ.
ආරම්භයේ සිටම ප්‍රාදේශීය කාර්යාල විසින් තිරසාර හා තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩසටහන්, වෙළඳ ප්‍රදර්ශන, තාක්ෂණික හුවමාරු වැඩසටහන් හා ක්ෂේත්‍ර චාරිකා යනාදිය සංවිධානය කරන ලදී.
ආරම්භයේදී, මාතර, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක මාතර ප්‍රාදේශීය කාර්යාලය යටතට ගැනුනද, ප්‍රාදේශීය කාර්යාල වල කාර්යන් හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින්, කලින් කලට ප්‍රාදේශීය කාර්යාල සේවා වපසරිය ප්‍රතිව්‍යූහගත කරන ලදී. ඒ අනුව වර්තමානයේ දී, මාතර ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයට ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්ක ඇතුලත් වේ.
ආරම්භයේ සිට කාර්යයන් ස්වයංක්‍රීය වන තෙක් සහ 1999 සිට වාණිජ බැංකු විසින් මුදල් මෙහෙයුම් කටයුතු සිදුකරන තෙක් මාතර ප්‍රාදේශීය කාර්යාලය මඟින් ප්‍රාදේශීය නිශ්කාශණාගාරය පවත්වාගෙන යන ලදී. තවද, මාතර ප්‍රාදේශීය කාර්යාලය මඟින් මහ බැංකු කාර්යයන් ප්රාදේශීයව ව්‍යාප්ත කිරීම සඳහා ද වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් ඒකකයේ පෞඩ ඉතිහාසය සහ පරිණාමය පෙන්නුම් කරනු ලබන මුදල් කෞතුකාගාරය පවත්වාගෙන යයි. 2010 දී විවෘත කරන ලද මෙම මුදල් කෞතුකාගාරය තුළ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විවිධ නෝට්ටු සහ කාසි අමුත්තන්ට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කර ඇත.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Financial Literacy Programme | 09.05.2024 | RO-Matara, Divisional Secretariat, Hakmana | Divisional Secretariat, Hakmana | Matara | Vulnerable groups/SMEE/Government Officers | |
02 | Financial Literacy Programme | 14.05.2024 | RO-Matara, Divisional Secretariat, Lunugamwehera | Divisional Secretariat, Lunugamwehera | Hambantota | Vulnerable groups/SMEE/Government Officers | |
03 | Financial Literacy Programme | 16.05.2024 | RO-Matara, Divisional Secretariat, Welipitiya | Divisional Secretariat, Welipitiya | Matara | Vulnerable groups/SMEE/Government Officers | |
04 | Financial Literacy Programme | 21.05.2024 | RO-Matara, Divisional Secretariat, Akmeemana | Divisional Secretariat, Akmeemana | Galle | Vulnerable groups/SMEE/Government Officers | |
05 | Financial Literacy Programme | 28.05.2024 | RO-Matara, Divisional Secretariat, Kolonna or Opanayaka | Divisional Secretariat, Kolonna or Opanayaka | Ratnapura | Vulnerable groups/SMEE/Government Officers | |
06 | Financial Literacy Programme | 28.05.2024 | RO-Matara, Divisional Secretariat, Godakawela | Suitable Venue in Rakwana | Ratnapura | Vulnerable groups/SMEE/Government Officers |