- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 946
1985 වර්ෂය තුළදී, ප්‍රාදේශීය සංවර්ධනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 03 වන ප්‍රාදේශීය කාර්යාලය 1985.12.23 දින මාතලේ දී විවෘත කළ අතර මාතලේ, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් අධීක්ෂණය විය. වාණිජ බැංකු ග්‍රාමීය ප්‍රාදේශ වල තම ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සහ අදාල බැංකු විසින් ණය ලබාදීමේ යාන්ත්රණයට අදාල ගැටලු නිරාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් මාතලේ ප්‍රාදේශීය කාර්යාලය සිය ආරම්භක වසර තුළ දී ම ස්වයං රැකියා සහ ගම් නඟා සිටුවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. විශේෂයෙන් ම මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් නව සපිරි ග්‍රාමීය ණය යොජනා ක්‍රමය පිළිබඳව හඳුන්වා දීම සඳහා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් ආරම්භයේ සිටම ග්‍රාමීය සහ ප්රතිමූල්ය ණය මෙහෙයුම් ස්ථාපිත කිරීමට අදාල විවිධ ක්‍රියාකාරකම් වල සක්‍රීයව නිරත වූ අතර, ජනතාව දැනුම්වත් කිරීම්, පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩසටහන්, තාක්ෂණ හුවමාරු සහ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම මඟින් ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. මාතලේ ප්‍රාදේශීය කාර්යාලය, බැංකු නිශ්කාෂණ කාර්යයන් ස්වයංක්‍රීය වන තෙක්ම මාතලේ සහ මහනුවර යන ප්‍රදේශයන් හි නිශ්කාෂණ මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. තවද, මහ බැංකු කාර්යයන් යටතේ ආරම්භයේදී භාණ්ඩාගාර බිල්පත් විකිණීම, ප්‍රාදේශීය මට්ටමේ සමීක්ෂණ පැවැත්වීම, මුදල් හුවමාරු පහසුකම් සම්බන්ධ දත්ත රැස් කිරීම සහ ප්‍රාදේශීය බැංකු ශාඛා අධීක්ෂණ කටයුතු සිදුකිරීම ආදිය සිදු කරන ලදී. පසුව සංවර්ධන කටයුතු වලට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Program on Financial Literacy | 03.05.2024 | RO-Matale | St. Andrew's College - Nawalapitiya | Kandy | School Students | |
02 | Program on Financial Scams | 13.05.2024 | DSO, Ambangangakorale | DSO, Ambangangakorale | Matale | Government Officers | |
03 | Program on Financial Literacy | 14.05.2024 | RO-Matale | RO-Matale | Matale | Students & Teachers | |
04 | Program on Financial Literacy | 16.05.2024 | Ceylon Chamber | Dambulla | Matale | General Public | |
05 | Program on Financial Literacy | 17.05.2024 | RO-Matale | Matale | Matale | MSMEs | |
06 | Program on Role of the Central Bank of Sri Lanka | 31.05.2024 | RO-Matale | Mahamaya Girls College Kandy | Kandy | Students & Teachers |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 904
තිස් වසරක් පුරා පැවති වාර්ගික ගැටුම්වලින් පසු උතුරු පළාතේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේ අරමුණින් යාපනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් 2010 වර්ෂයේදී පිහිටුවන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කිරීමේ පුළුල් අරමුණට අනුකූල වෙමින් යාපනය ප්‍රාදේශීය කාර්යාලය ද යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතුවල නිරත වූ අතර ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙන ලදී. තවද 2013 වර්ෂයේ මැයි මාසයේදී කිලිනොච්චි, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කිලිනොච්චියේ අරිවියල්නගර් හි තවත් ප්‍රාදේශීය කාර්යාලක් විවෘත කරන ලදී.
යාපනය ප්‍රාදේශීය කාර්යාලයෙහි පවතින සම්පත් සහ පහසුකම් භාවිතයෙන් තවදුරටත් ප්‍රදේශයේ ජනතාවට ඵලදායී සේවාවන් සැපයීම සඳහා 2017 ජුනි මාසයේදී යාපනය ප්‍රාදේශීය කාර්යාලය, කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය සමඟ ඒකාබද්ධ කරන ලදී. ඒකාබද්ධ කිරීමත් සමඟ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 ම කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලයෙහි අධීක්ෂණය යටතට පැවරුණි. කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය ද සිය කෙටි කාලීන ගමන් මඟ තුළ, අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල හා සමගාමීව දැනුම්වත් කිරීම්, නිපුණතා සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ඇතුළු විවිධ සංවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර ප්‍රාදේශීය මට්ටමින් මහ බැංකු කාර්යයන් ප්රදේශීයව ව්‍යාප්ත කිරීම සඳහා ද සිය දායකත්වය දක්වන ලදී.
මාසික වැඩසටහන් කාලසටහන - මැයි 2024 විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Awareness programme on Financial Literacy | 03.05.2024 | RO-Kilinochchi | Ariyalai South East | Jaffna | General Public | |
02 | Awareness programme on Financial Literacy | 03.05.2024 | RO-Kilinochchi | Thirunelvely Centre North | Jaffna | General Public | |
03 | Awareness programme on Financial Literacy | 21.05.2024 | RO-Kilinochchi | Nedunkerny | Vavuniya | General Public | |
04 | Awareness programme on Financial Literacy | 28.05.2024 | RO-Kilinochchi | Theravil | Mullaitivu | General Public |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 900
දශක ගණනාවක් පුරා පැවති ගැටුම් නිමා වීමෙන් පසු මුදාගත් උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථීක සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හතර වන ප්‍රාදේශීය කාර්යාලය 2010 වර්ෂයේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලදී. ආරම්භයේ සිටම ත්‍රිකුණාමල ප්‍රාදේශීය කාර්යාලය ණය බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, දැනුම්වත් කිරීම සහ බිම් මට්ටමේ ග්‍රාමීය පුද්ගලයින්ට දශක ගණනාවකට පසු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙමින් තුලින් කලාපය තුළ තුලිත ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිෂ්පාදන අංශ වලට අවශ්‍ය සහය ලබාදීමේ කාර්යයන් හි ක්‍රියාකාරීව නිරත විය. තවද, ප්‍රාදේශීය කාර්යාලය විසින් එම පළාත තුළ ඇති අදාල රාජ්‍ය ආයතන සමඟ එක්ව ප්‍රාදේශීය වශයෙන් විශේෂිත වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී. ආරම්භයේ සිටම මුළු නැගෙනහිර පළාතම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය යටතේ පැවති අතර ඒ අනුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලෙයෙහි අධීක්ෂණය යටතේ පැවතුණි.
ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාකාරකම් වලට අමතරව සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධ කටයුතු සිදු කිරීම, සමීක්ෂණ පැවැත්වීම, මහ බැංකු ප්‍රකාශන සහ සමරු කාසි අලෙවි කිරීම සහ අනෙකුත් කාර්යයන් සඳහා සහය වීම හරහා මහ බැංකු කාර්යයන් ප්රාදේශීයව ව්‍යාප්ත කරමින් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය, සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Awareness program on Financial Literacy | 07.05.2024 | RO-Trinco | DS Office, Vakarai | Batticaloa | Government Officers | |
02 | Awareness program on Financial Literacy | 07.05.2024 | RO-Trinco | DS Office, Vakarai | Batticaloa | General Public | |
03 | Awareness program on Financial Literacy | 13.05.2024 | HARTI | DS Office, Koralaippattru North | Batticaloa | Women Community Leader | |
04 | Awareness program on Financial Literacy | 13.05.2024 | HARTI | DS Office, Koralaippattru | Batticaloa | Women Community Leader | |
05 | Awareness program on Financial Literacy | 14.05.2024 | HARTI | DS Office, Koralaippattru South | Batticaloa | Women Community Leader | |
06 | Awareness program on Financial Literacy | 14.05.2024 | HARTI | DS Office, Eravurpattu | Batticaloa | Women Community Leader | |
07 | Awareness program on Financial Literacy | 15.05.2024 | HARTI | DS Office, Manmunai North | Batticaloa | Women Community Leader | |
08 | Awareness program on Financial Literacy | 15.05.2024 | HARTI | DS Office, Kattankudy | Batticaloa | Women Community Leader | |
09 | Awareness program on Financial Literacy | 16.05.2024 | HARTI | DS Office, Porativupattu | Batticaloa | Women Community Leader | |
10 | Awareness program on Financial Literacy | 16.05.2024 | HARTI | DS Office, Manmunai South & Eruvilpattu | Batticaloa | Women Community Leader | |
11 | Awareness program on Financial Literacy | 17.05.2024 | HARTI | DS Office, Manmunai West | Batticaloa | Women Community Leader | |
12 | Awareness program on Financial Literacy | 17.05.2024 | HARTI | DS Office, Manmunai South West | Batticaloa | Women Community Leader |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1140
ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම
මුදල් නීති පනතේ 7 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ නුවරඑළිය යන ප්‍රදේශ වල ප්‍රාදේශීය කාර්යාල හයක් ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය ලෙස 1981 මාර්තු මාසයේදී මාතර ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කරන ලද අතර, අනතුරුව, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය හා නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල පිළිවෙලින් 1982, 1985, 2010, 2015 සහ 2016 දී ආරම්භ කරන ලදී.
ප්‍රාදේශීය කාර්යාල වල කාර්යයන් පහත පරිදි වේ.
- ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කිරීම
- බැංකු පද්ධතිය හරහා මූල්‍ය ප්‍රවේශය ලබාදීම සහ අනෙකුත් අදාල සේවාවන් සම්බන්ධීකරණය කිරීම මඟින් ප්‍රාදේශීය ආර්ථීකය දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය කාර්යාල ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම, ණය කඳවුරු සහ බැංකු සායන තුලින් මූල්‍ය ප්‍රවේශය වැඩිකිරීම සඳහා මෙම ප්‍රාදේශීය කාර්යාල මහජනතාවට සහය වන අතර ණය සම්බන්ධතා ඇති කිරීම සහ ණය හා සම්බන්ධ අනෙකුත් සේවාවන් සැපයීම මූලික වශයෙන් පහත සඳහන් ක්ෂේත්‍ර යටතේ සිදුකරනු ලබයි.
- ධාරිතා ගොඩනැංවීමේ සහ නිපුණතා සංවර්ධන වැඩසටහන්
- තාක්ෂණ හුවමාරු වැඩසටහන්
- වෙළඳපොල සබඳතා
මේ සම්බන්ධයෙන් ණය කඳවුරු, බැංකු සායන සහ ණය සම්බන්ධතා හරහා මූල්‍ය ආධාර සපයන අතර අනෙකුත් අතිරේක සේවා, පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීම් ද ඊට සමගාමීව සිදු කෙරේ.
- පහත දක්වා ඇති පරිදි ප්‍රාදේශීය මට්ටමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට සහය වීම.
- සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු
- ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ ආර්ථීක කටයුතු සහ අනෙකුත් ආශ්රිත සමීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම.
- මහ බැංකුවේ සේවා සහ කාර්යයන්, විධිමත් බැංකුකරණය, බලයලත්/බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින්මහ බැංකුවේ කාර්යයන් සහ සේවාවන්, විධිමත් බැංකුකරණය, බලපත්‍රලාභී මූල්‍ය ආයතන මඟින් සපයනු ලබන මූල්‍ය සේවාවන් සහ එම ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රම, ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබඳව ප්‍රාදේශිය මට්ටමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඇතුළු සාමාන්‍ය ජනතාව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම.
- මහ බැංකු ප්‍රකාශන, සමරු කාසි සහ නෝට්ටු ප්‍රාදේශීය මට්ටමින් අලෙවි කිරිම.
- ප්‍රාදේශීය මට්ටමින් මූල්‍ය සාක්ෂරතාවය නැංවීම සඳහා කටයුතු කිරීම හා පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කරමින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය යටතේ පිහිටුවා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහය දැක්වීම.