- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 766
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1229
The CBSL launched the country’s first ever NFIS in March 2021 with the prime objective of improving the financial inclusiveness of the country by facilitating more accessible, effective, efficient and affordable financial services for every individual and enterprise in Sri Lanka. The NFIS is currently in the implementation phase with the collaboration of more than 20 key implementing entities.
A clear governance structure has been established to oversee implementation, monitoring, and evaluation of the NFIS, where NFIS Secretariat has been set up to ensure coordination across the different implementing entities and to monitor and evaluate the overall progress supporting the governance entities to carry out the relevant responsibilities at different levels. The Action Plan has developed towards achieving the objectives of NFIS in a timely manner, where all stakeholders assigned with time bound actions that fall under their purview. Accordingly, the Action Plan of NFIS encompasses about 80 broad actions spread over the four key pillars of the strategy (Digital Finance and Payments, MSME Finance, Consumer Protection, and Financial Literacy and Capacity Building) and cross-cutting enablers (Data, Infrastructure, and Policy Tools and Enabling Regulatory Environment).
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1745
පිහිටුවීම සහ අරමුණ
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන යටතේ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය ණය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් රටේ ප්‍රාදේශීය විෂමතාව අවම කිරීම සඳහා සහය ලබාදීමේ අරමුණ ඇතිව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව 2002 වර්ෂයේ ස්ථාපිත කරන ලදි.
ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගික සැළසුමට අනුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මේ ක්‍රියාවලිය සඳහා අදාළ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් අවශ්‍ය ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ චර්යාත්මක මැදිහත්වීම් (Behavioral Interventions) හඳුන්වාදීමට මෙන්ම රටපුරා මූල්‍ය ප්‍රවේශය සහ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරතවෙමින් තුලිත වර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සහය වේ.
කලානුරුපීව මෙන්ම අවස්ථානුකූලව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ද කලින් කලට වෙනස්වීම් වලට ලක් වන අතර, 2020 වර්ෂයේදී, හඳුන්වාදුන් ජාතික මූල්‍ය අන්තර්ග්‍රහණ සැළසුමෙහි අරමුණු වලට අනුකූලව ප්‍රාදේශීය කාර්යාල වල ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, ඒවායේ කටයුතු අධීක්ෂණය මෙන්ම සම්බන්ධීකරණය කිරීමේ වගකීම ද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරන ලදී.
මෙම ප්‍රාදේශීය කාර්යාල මඟින් ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය සංවර්ධනයට අදාල ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙන අතර, අදාල ප්‍රදේශවල මහ බැංකුවේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම ද සිදුකරනු ලබයි. ඒ් අනුව, මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ නුවරඑළිය යන ප්‍රදේශ වල පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාල හයක් හරහා ඉහත කටයුතු ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යයන්
පසුගිය වසර කිහිපය තුළදී, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යයන් හි සැලකිය යුතු අයුරින් උපායමාර්ගික වෙනස්කම් රාශියක් සිදු වූ අතර, එහිදී කාලීන අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි, සියලුදෙනාටම ප්රතිලාභ අත්වන ස්ථාවර මූල්‍ය පද්ධතියක් සහ තුලිත, සාධාරණ, ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනිමට සහය වීම කෙරෙහි සුවිශේෂි ලෙස අවධානය යොමු කරන ලදී.
මීට අමතරව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම රජයේ නියෝජිතයෙකු ලෙස නියෝජිත කාර්යභාරයක් ද සිදු කරනු ලබයි. ඒ් යටතේ ශ්‍රී ලාංකීක ප්‍රජාවට තම අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට, දැරිය හැකි පොලී අනුපාත යටතේ, සහන ණය යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයද සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබේ. ප්රතිමූල්ය පහසුකම් සහිත ණය යෝජනා ක්‍රම මෙන්ම පොලී සහනාධාර මත ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ද මේ යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම, ණය ඇප ආවරණ යෝජනා ක්‍රම තුලින් පහසුකම් සැපයීම ද රජයේ නියෝජිත කාර්යයක් ලෙස ක්‍රියත්මක කරනු ලබයි. මේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ ඇති කරගන්නා එකඟතාවයන් මත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මෙහෙයුම් උපදෙස් වලට අදාලව එම ආයතන හරහාම සහ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
එම කාර්යයන් පහත පරිදි වර්ගීකරණය කර දැක්විය හැකිය.
මූල්‍ය අන්තර්ගතභාවය
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය (National Financial Inclusion Strategy – NFIS) යටතේ පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය, අධීක්ෂණය, ප්‍රගතිය ඇගයීම සහ වාර්තා කිරීම.
මූල්‍ය ප්‍රවේශය
මූල්‍ය පහසුකම් අවශ්‍ය වන ප්‍රජාව වෙත දැරිය හැකි පොලී අනුපාත (පිරිවැයක්) යටතේ, ප්‍රමුඛතාවය දැක්විය යුතු ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා ණය පරිපූරක (ඇප ආවරණ) සේවා සැපයීම.
මූල්‍ය සාක්ෂරතාවය
ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය නැංවීම සඳහා මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීමේ ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීම.
ප්‍රාදේශීය කාර්යාල කටයුතු
ප්‍රාදේශීය කාර්යාල වලට අවශ්‍ය වන පහසුකම් සැපයිම, ඒවා අධීක්ෂණය සහ සමබන්ධීකරණය කිරීම.
ජාත්‍යන්තර සබඳතා/අනුබද්ධතා
මිත්‍ර රටවල් සමඟ දැනුම හුවමාරු කර ගැනීම සහ දැනුම වැඩි දියුණු කරගැනීම අරමුණු කරගනිමින්, මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ සන්ධානය (AFI), ආසියානු ණය පරිපූරක ආයතන සම්මේලනය (ACSIC) සහ ආසියානු පැසිෆික් ග්‍රාමීය සහ කෘෂි කාර්මික ණය සංගමය (APRACA) වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.