- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 263
Districtwise loan distribution
District | SME sector | Agricultural sector |
---|---|---|
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 5316
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 4567
IFC is the largest global development institution focused on the private sector in developing countries.
IFC, a member of the World Bank Group, advances economic development and improves the lives of people by encouraging the growth of the private sector in developing countries. IFC applies their financial resources, technical expertise, global experience, and innovative thinking to help partners overcome financial, operational, and other challenges.
IFC achieves this by investing in impactful projects, mobilizing other investors, and sharing expertise. In doing so, IFC creates jobs and raise living standards, especially for the poor and vulnerable. Their work supports the World Bank Group’s twin goals of ending extreme poverty and boosting shared prosperity.
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 2159
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම සහ ව්‍යවසායකයෙකුටම වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ඵලදායී, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීම තුළින් රටේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකුව 2021, මාර්තු මාසයේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ඉදිරිපත් කරන ලදී. මෙම ජාතික උපාය මාර්ගය, ප්‍රධාන පාර්ශවකරුවන් 20ක ප්‍රමාණයක සහය ඇතිව ක්‍රියාත්මක වෙමින් පවතී.
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණය ඇගයීම සහ අධීක්ෂණය සඳහා මනා පාලන ව්‍යූහයක් (Governance Structure) ස්ථාපිත කර ඇති අතර, එහි ලේකම් කාර්යාලය (NFIS Secretariat) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ස්ථාපිත කර තිබේ. මෙම ලේකම් කාර්යාලය මගින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) ක්‍රියාත්මක කිරීමට දායකවන විවිධ පාර්ශ්ව ආයතන (Implementing Entities ) සම්බන්ධීකරණය කිරීම, විවිධ ස්ථරයන් හි පවතින වගකීම් ඉටු කිරීම සඳහා පාලන ආයතනයන්ට (Governance Bodies) සහය වීම, ක්‍රියාකාරී සැලැස්මේ සමස්ථ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, ඇගයිම සහ වාර්තා කිරීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කෙරේ.
මෙම ජාතික උපාය මාර්ගයෙහි අරමුණු නියමිත කාල වකවානු තුළ සාක්ෂාත් කරගැනීම සඳහා එහි ක්‍රියාකාරි සැලස්ම සකස් කර ඇති අතර සියලුම පාර්ශව/ ආයතනයන් සඳහා අදාළ පුළුල් හා කාලානුබද්ධ කාර්යයන් 80ක් මෙම ක්‍රියාකාරි සැලස්ම තුළ දක්වා ඇත.
මෙම ජාතික උපායමාර්ගික සැළැස්ම, (i) ඩිජිටල් මූල්‍යකරණ සහ ගෙවීම්, (ii) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායි මූල්‍යකරණ, (iii) පාරිභෝගික ආරක්ෂණය සහ (iv) මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ඉහල නැංවීම යන මූලික කුළුණු (පැතිකඩ) (Pillars) 4ක් යටතේ පිළියෙල කර ඇත. මෙම කුළුණු 4 (i) දත්ත, (ii) යටිතල පහසුකම් සහ (iii) ප්‍රතිපත්ති මෙවලම් සහ නියාමන පරිසරය බලගැන්වීම යන සක්‍රීයක (Enablers) 3 ක් පුරා පුළුල්ව පැතිරෙමින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි අරමුණු ඉටු කර ගැනීමට සහය දක්වයි.
Strategy Framework of NFIS
Governance Structure of NFIS
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය
“IFC – DFAT Women in work” වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනයේ (IFC) තාක්ෂණික සහ මූල්‍ය සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුලිකත්වයෙන් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය හදුන්වා දෙන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි හවුල්කරුවෙක් වන අතර, 2018 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවයෙහි සහය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවයේ පවත්නා මට්ටම අවබෝධ කරගැනීම සඳහා ජාතික මට්ටමේ සමීක්ෂණයක් සිදුකරනු ලැබූ අතර එහි ප්‍රතිඵල මෙම ජාතික උපාය මාර්ගය සැකසීමේ පදනම ලෙස යොදාගන්නා ලදී.
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය (IFC) පිළිබඳව
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන අතර, එය නැගී එන වෙළඳපොල ආර්ථිකයන් හි පෞද්ගලික අංශය කෙරෙහි තම අවධානය යොමු කළ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳපොල සහ එහි අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා තම ප්රාග්ධනය, විශේෂඥ දැනුම භාවිත කරමින් සහ අනුබල දෙමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය රටවල් සියයකට අධික සංඛ්‍යාවක් වෙත සිය සේවාවන් සපයනු ලබයි. 2022 මූල්‍ය වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල පෞද්ගලික සමාගම් සහ මුල්‍ය ආයතන වෙත වාර්තාගත ලෙස ඩොලර් මිලියන 32.8ක මූල්‍යමය අනුග්‍රහයක් දක්වන ලද අතර ගෝලීය අර්බුද වල බලපෑම සමඟ ආර්ථිකයන් එයින් මිදීමට වෙරදරණ අවස්ථාවන් හිදී පෞද්ගලික අංශය බලාත්මක කිරීම තුලින් අන්ත දරිද්‍රතාවය අවසන් කිරීමට සහ සෞභාග්‍ය උදා කර ගැනීමට සහය ලබා දෙනු ලබයි. වැඩි විස්තර සඳහා www.ifc.org. වෙත පිවිසෙන්න.