- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1123
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි ක්‍රියාකාරි සැලස්ම, ඉහත සඳහන් කල පරිදි, මූලික කුළුණු (Pillars) 4ක් සහ එම කුළුණු සියල්ලටම අදාල වන සක්‍රියක (Cross-cutting Enablers) 03ක් පුරා විහිදෙන පුළුල් කාර්යයන් 80කින් සමන්විත වන අතර එම කාර්යයන් අරමුණු 26ක් යටතේ පහත පරිදි ක්‍රියාත්මක වේ.
ක්‍රියාත්මක කිරීමේ අදියර | අරමුණු සංඛ්‍යාව | කාර්යයන් සංඛ්‍යාව |
---|---|---|
ඩිජිටල් මූල්‍ය සහ ගෙවීම් | 08 | 20 |
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය | 02 | 09 |
පාරිභෝගික ආරක්ෂණය | 04 | 15 |
මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම | 05 | 19 |
සක්‍රියක | 07 | 17 |
එකතුව | 26 | 80 |
අරමුණු - මූලික කුළුණු
ඩිජිටල් මූල්‍ය සහ ගෙවීම්
- රටේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියේ ආයතනික කළමනාකරණය
- ශ්‍රි ලංකා රජයේ යෝජනා ක්‍රම සහ සේවාවන් ඩිජිටල්කරණය කිරීම
- ප්රමිතිකරණය සහතික කිරීම සඳහා ගණුදෙනුකරු හඳුනා ගැනීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලිය විධිමත් කිරීම
- ඩිජිටල් ආර්ථිකයක් සඳහා සක්‍රීය නියාමන පරිසරයක් ගොඩනැංවීම
- මූල්‍ය අන්තර්ගතභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මූල්‍ය තාක්ෂණයේ සංවර්ධනයට සහාය වීම
- ජංගම හා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතය පුළුල් කිරීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීම
- ඩිජිටල් ගෙවීම් ක්‍රම සැපයුම පුළුල් කිරීම
- ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය දිරිමත් කිරීම
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය
- හරිත හා තිරසාර මූල්‍යකරණය මෙන්ම, කාන්තාවන්, අඩු ආදායම් ලාභීන් සහ අඩු අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ඉහළ ගුණාත්මක බවින් යුතු මුල්‍ය උපකාරක පරාසය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSMEs) ණය ලබා දීම සඳහා විධිමත් මූල්‍ය අංශයේ ධාරිතාව ගොඩ නැංවීම.
- රාජ්‍ය අනුග්‍රහය සහිත ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය වැඩසටහන් සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහය දක්වන වැඩසටහන් (MSME Support Programmes) වැඩි දියුණු කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
පාරිභෝගික ආරක්ෂණය
- මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ නියාමනය සහ අධීක්ෂණය සඳහා වන නීතිමය ප්‍රතිපාදනයන්හි ඇති ගැටළු නිරාකරණය සඳහා කටයුතු කිරීම.
- සියලු මුල්‍ය සේවා සපයන්නන්, මුල්‍ය නිෂ්පාදන හා සේවා හරහා මුල්‍ය පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් නීතිමය රාමුවක ඇති අවශ්‍යතාවය සහතික කිරීම.
- මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ අධීක්ෂණය තවදුරටත් පුළුල් කිරීම.
- සියලුම මුල්‍ය පාරිභෝගිකයින්ගේ ආරවුල් විසඳීම සඳහා ප්‍රවේශ විය හැකි, දැරිය හැකි, ස්වාධීන, මනා සම්පත් වලින් යුතු සාධාරණ, වගවීම් සහිත කාලෝචිත හා කාර්යක්ෂම මාර්ග ලබා දීම සහතික කිරීම තුළින් පවතින බාහිර ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම.
මූල්‍ය සාක්ෂරතාවය සහ ධාරිතා ගොඩනැංවීම
- ශ්‍රී ලාංකිකයන්ගේ මුල්‍ය සාක්ෂරතාවයේ මට්ටම තක්සේරු කිරීම සහ මුල්‍ය සාක්ෂරතාවයේ මූලික පරතරයන් හඳුනා ගැනීම.
- මුල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීමට ගනු ලබන ප්රයත්නයන් අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම.
- පාරිභෝගිකයන් අතර විශේෂයෙන්ම කාන්තාවන්, තරුණයින්, අඩු ආදායම් ලාභීන් සහ අඩු අධ්‍යාපන පසුබිමක් ඇති පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර මුල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීම.
- ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි (MSMEs ) ධාරිතාවය වැඩි දියුණු කිරීම.
- මුල්‍ය සාක්ෂරතාවය සඳහා සේවා සැපයුම් මාර්ගයන් හි (Delivery Channels) ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
අරමුණු - සක්‍රියක
දත්ත
- මුල්‍ය අන්තර්ග්රහණයට අදාළ දත්ත එක්රැස් කිරීම සදහා සුසංයෝගී සහ ඒකාබද්ධ යාන්ත්‍රණයක් (Harmonized and Consolidated Approach) ඇති කිරීම
යටිතල පහසුකම්
- ණය තොරතුරු පද්ධතිය වැඩි දියුණු කිරීම.
- චංචල දේපල සඳහා වැඩි අවධානයක් සහිතව ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ගනුදෙනු වපසරිය (Secured Transaction Framework ) වැඩි දියුණු කිරීම.
- සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (අන්තර්ජාල ආවරණය, ස්මාර්ට් දුරකථන භාවිතය ආදී.)
- මුල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමර්ගයෙහි පාලන ව්‍යුහය ක්‍රියාත්මක කිරීම.
ප්‍රතිපත්ති මෙවලම් සහ නියාමන පරිසරය බලගැන්වීම
- දත්ත වල රහස්‍යභාවය සහ ආරක්ෂාව සඳහා නීතිමය රාමුවක් පිළියෙල කිරීම.
- අඩු සේවා පහසුකම් සහිත ප්‍රදේශ වල සේවා පුළුල් කිරීම සඳහා සැපයුම්කරුවන් තවදුරත් දිරිමත් කිරීම.
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 1108
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවන ප්‍රදේශීය කාර්යාලය 1982 මාර්තු 20 දින අනුරාධපුරයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය, ඒ සඳහා වෙන් කරන ලද ආරම්භක ප්‍රදේශය විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමේ මූලික අරමුණට අනුකූල වෙමින්, අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය මඟින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, සමීක්ෂණ සහ ක්ෂේත්‍ර චාරිකා සහ සාකච්ඡා පැවැත්වීම මඟින් සහ විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාවට නංවමින් බිම් මට්ටමේ ග්‍රාමීය ජනතාව සහ බැංකු පද්ධතිය අතර පරතරය අවම කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන ලදී.
කාලයත් සමඟ අනුරාධපුරය ප්‍රාදේශීය කාර්යලය, සිය වපසරිය අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04 හිම ව්‍යාප්ත කරමින් උතුරු මැද පළාත සහ වයඹ පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.
සිය වපසරිය පුළුල් කරමින් ප්‍රදේශ අතර සමතුලිත ආර්ථීක සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අදාළ කලාපවල නිෂ්පාදන අංශ සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම කෙරෙහි ද සිය සේවාවන් ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් සුවිශේෂි වූ විවිධ ව්‍යාපෘති, දැනුම්වත් කිරීමේ සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් පවත්වන ලද අතර විවිධ ණය යෝජනා ක්‍රම ද හඳුන්වා දෙන ලදී.
අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය ව්‍යාප්ති සේවාවක් ලෙස නිශ්කාෂණාගාර කටයුතුවල පමණක් නිරත වූවද, 1990 සිට ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු ද ආරම්භ කරන ලදී. පසුව අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් සේවක අර්ථසාධක අරමුදල් හා සම්බන්ධ සේවාවන්, සමරු කාසි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන අලෙවි කිරීම වැනි තවත් සේවාවන් සිදුකරන ලද අතර 2008.09.05 දී මුදල් කෞතුකාගාරයක් ද පිහිටුවන ලදී.
මාසික වැඩසටහන් කාලසටහන (මැයි 2024) විස්තර මෙතැනින්
Advance Program Schedule | |||||||
---|---|---|---|---|---|---|---|
S/N | Program Name | Date | Organizing Institution | Venue | District | Target Audience | |
01 | Programme on Financial Literacy | 07.05.2024 | RO - Anuradhapura | Padaviya | Anuradhapura | General Public & MSMEs | |
02 | Programme on Financial Literacy | 10.05.2024 | RO - Anuradhapura | Mundel | Puttalam | General Public & MSMEs | |
03 | Programme on Financial Literacy | 13.05.2024 | RO - Anuradhapura | Ambanpola | Kurunegala | General Public & MSMEs | |
04 | Awareness programme on unauthorized financial activities including pyramid schemes | 15.05.2024 | RO - Anuradhapura | Kotawehera | Kurunegala | General Public & MSMEs | |
05 | Programme on Financial Literacy | 17.05.2024 | Commercial Bank, Wennappuwa Branch | Wennappuwa | Puttalam | General Public & MSMEs | |
06 | Programme on Financial Literacy | 27.05.2024 | RO - Anuradhapura | Lankapura | Polonnaruwa | General Public & MSMEs |
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 586
- විස්තර
- ලියන ලද්දේ Procons
- ප්‍රවර්ගය: Uncategorised
- වැදුම්: 760